මා නොදුටු සිහින – 04 කොටස

Wal Katha Sinhala – Wela Katha

ශාරන්‍යා. මොකද කරන්නේ දැන්. ඔයා ගෙදර ආවද?””

“”ඔව් ඩාලින් මේ දැන් විනාඩි පහකට විතර කලින් තමයි මම ආවේ””

“”එහෙමද. මහන්සිද ඉතින්””

“”ඔව් අනේ. මම ඇඳුම් ඔක්කොම ගලෝලා ෆෑන් එකත් දාගෙන ආවා ටිකක් ඇඳට රෙස්ට් කරන්න. වොෂ් එකක් දාගන්නත් ඕන තව ටිකකින්””

“”මම මේ ආවා ෆුඩ් සිටි එකට. අම්මා ගෙදරට ඕන බඩුවගයක් ගේන්න කිව්වා. දැන් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ””

“”හ්ම් එහෙමද. අනේ මට මහන්සියි ටිකක්. මම රෑ වෙලා ගන්නද””

“”ආ හරි කමක් නෑ බේබි. මේ ඒක නෙවෙයි. ඔයා හෙට හවස යනවද?””

“”ඔව් හවස බස් එකේ යනවා. මම ගිහින් අනිද්දා හවසම ආපහු එනවා””

“”හරි. එහෙනම් ඔයා දැන් රෙස්ට් කරන්න””

“”ඕකේ. එහෙනම් පරිස්සමින් ඩ්‍රයිව් කරන්න. බායි. බුදු සරණයි””

“”බායි””

ඉන් පසුව ඇය ඉතා ඉක්මනට නානකාමරයට ගියේ ඇඟ සෝදාගැනීමටය. ඇය නානකාමරයේ සිටින විට ඇයගේ මව කාමරයේ දොරට තට්ටු කලාය.

“”දුව දොර අරින්න මේ මම කූල් එකක් ගෙනාවා බොන්න. දුව…””

“”ඉන්න ඉන්න මේ එනවෝ””

ශාරන්‍යා ඉතා ඉක්මනින් ඇඟ පිසදාගෙන තුවායක් ඇඟේ දවටාගෙන කාමරයේ දොර විවෘත කර එළියට පැමිණියාය. ශාරන්‍යයා බීම වීදුරුව අතට ගන්න අතරතුර ඇයගේ මව ශාරන්‍යාගේ මුහුණ දෙස බලා

“”ආ අද ගොඩක් හැපි මූඩ් එකක් වගේ තියෙන්නේ””

“”හරි හරි අම්මණ්ඩි. මම ඒගැන කියන්නම්කෝ””

“”අම්මණ්ඩි. ඒපාර මොකක්ද වුනේ. අද ගිය වැඩේ මොකද වුණේ. හරිගියාද””

ඉන් පසු ඇය බීම වීදුරුව අතට ගෙන තුවාය පිටින්ම බීම උගුරක් බී එදින විස්තරය කියන්නට පටන්ගත්තාය.

“”අනේ ඔව් අම්මා. මම මේ ෆිල්ම් එකේ මූඩ් එකෙන්ම ඉන්න බැලුවෙ හැමතිස්සෙම. මට නම් මේ තාමත් හිතාගන්න බැරිව ඉන්නේ. අම්මා දන්නවද අර ආදිත්‍ය විජේසේකර, භාරත වීරසිංහ තව අර ඉනෝකා දෙල්ගහපිටිය, ප්‍රභාෂ අත්තනායක අර මිනිත්තුවක් එහා කියන ඩ්‍රාමා එකේ හිටියේ. අම්මා අර දැන් ටික කාලෙකට කලින් ආසාවෙන් බැලුවේ. ඒ ඇක්ටර්ස්ලා වගේම තව ගොඩක් ප්‍රසිද්ධ ප්‍රවීණ අය ඉන්නවා. අපේ නංඟිගෙ ක්‍රශ් එක කිශානුත් ඉන්නවා””

“”ආ එහෙනම් ඉතින් හොඳයිනේ. කොච්චර දෙයක්ද. ගොඩක් හොඳ චාන්ස් එකක් තමයි ලැබිලා තියෙන්නේ මගෙ කෙල්ලට. නංඟියි තාත්තයි දැනගත්තනම් ගොඩක් සතුටුවෙයි””

“”හරි හරි අපි හෙමිහිට කියමුකෝ. මම දැනුත් මේ කියන්න නෙවෙයි ආවේ. සතුට වැඩිකමට කියන්නෙ නැතුව ඉන්න හැදුවත් කියවුණා. ඒක විද්‍යා ප්‍රබන්ධයක්. ඒ කියන්නේ මෝහනය ගැන, ගැමි සමාජය ගැන තව දේශීය දැණුම් පද්ධතීන් ගැන කතාකරනවා. විදර්ශා අක්කිගෙ වැඩක් නිසා බයවෙන්න දෙයක් නෑ. හරිම වෙනස් වැඩක්””

“”හරි හරි විස්තර කියන්නකෝ. දැන් ගිහින් ඇඳුමක් දාගෙන එන්න. ටවල් එක පිටින් ඉන්නෙ නැතුව””

“”ආ මේ. ඇඳුම් අඳින්න නෙවෙයි. ඇඳුම් නැ.තු.ව ඉන්න වෙන කොටස් කීපයකුත් තියෙනවා ෆිල්ම් එකේ””

යනුවෙන් ශාරන්‍යා පවසා බීම වීදුරුව ට්‍රේ එක උඩින් තබා කාමරයට ගියේ සිනහවෙන් සහ ලැජ්ජාශීලී බවකින් යුක්තවූ මෙන්ම ආශාවන්ගෙන් පිරුණු මුහුණකින් ය.

“”ආ ඒ ගැන නම් ඉතින් තාත්තිගෙනුත් අහන්න වෙනවා හරිද. මම විදර්ශාටත් කතා කරලා බලන්න ඕන””

“”හරි අම්මා කැමතියිනේ””

යනුවෙන් හඬනගා ඇසුවේ ඇය කාමරයට ගොස් තුවාය ග ල.වා ගවුමක් ඇඳගැනීමට අතට ගනිමින්‍ ය.

“”නෑ නෑ මම එහෙම එකක් කිව්වේ නෑනෙ””

“”අනේ මොකක්ද අනේ””

“”හරි හරි අපි කතාබහ කරලා බලමුකෝ””

“”හරි හරි ඕනදෙයක්””

සවස 3:30ට පමණ විදර්ශාගේ එලාම් රිගින්ටෝනය ක්‍රියාත්මක විය. විදර්ශාට මුහුණින් අතට නින්දගොස් තිබුණි. ඇය දුරකතනය දෙස නොබලා ඒ සිටින ඉරියව්වෙන්ම දුරකතනය අතපතගා සොයා එම එලාම් නාදය නවතා දැමුවාය. එලෙසම ටික වේලාවක් ඇය අලස බවකින් යුක්තව සිටි අතර ඇයට නැවතත් එලාම් නාදය ඇසෙන විට ඇය එකවරම ඇඳෙන් බැස එලාම් එක නවතා දමා නානකාමරයට ගොස් මුහුණ අතපය සෝදාගෙන ඉතා ඉක්මනින් කුසියට නි.රු.ව.ති.න්.ම ගොස් ඒප්‍රනය දමාගෙන සවස තේ සඳහා සැන්ඩ්විච් සෑඳීමට පටන් ගත්තාය. ඇය සැන්ඩ්විච් සාදා අවසන් වූ පසු ඉතා ලස්සන ගවුමකින් සැරසුනේ ඇයගේ සැමියා සහ දරුවන් නිවසට එනවිට ඇය ඉතා ප්‍රියමනාපව සිටීමට දැඩි කැමැත්තක් ඇති නිසාය.

සැමියා සහ දරුවන් දෙදෙනා නිවසට පැමිණ ඇඳුම් මාරු කර පිරිසිදුවීමෙන් පසුව ඇය තේ මේසය සූදානම් කරන ලදි. අනතුරුව ඔවුන් සිව්දෙනාම තේ මේසයට පැමිණ විදර්ශා සාදා තිබූ සැන්ඩ්විච් වල රසබැලූහ. ඒ අතරතුර ඇය ඔහුගේ දියණියගේ පියානෝ වාදනය සඳහා ඇය එදින සහභාගීවූ පංතිය පිලිබඳව විමසුවාය.

“”කොහොමද දෝණි අද ක්ලාස් එකේ වැඩ. ප්‍රැක්ට්සි කරපු පියානෝ පීස් එක හොඳට ප්ලේ කලාද””

“”හ්ම්. ඔව් අම්මි. ඒත් මැඩම් කිව්වා ෆීල් එක හරි නෑ කියලා. නෝට්ස් ටික නම් ප්ලේ වෙනවා වගේ. ඒත් පොඩි වැරැද්දක් තියෙනවා නෝට්ස් හරියට ආයෙත් බලන්න කිව්වා. තව ෆීල් එක හදාගන්න කියලා කිව්වා””

“”ම්ම් මේ වීක් එකේ එහෙමනම් තව හොඳට ප්‍රැක්ට්සිට් එකරමුකෝ. හොඳද””

“”කොහොමද පුතා අද ස්විමින් කලාද. කෝච් අද හිටියා නේද?”” යනුවෙන් ටෙහාන් ඔහුගේ පුතාගෙන් විමසුවේය.

“”ඔව් තාත්ති. Arm movements කීපයක් අද කලා””

“”ඕකේ. ගුඩ්””

ඉන් පසු ඔවුන් ටික වේලාවක් සවස විවේකයෙන් ගත කලෝය. පසුව දරුවන් දෙදෙනා ඔවුන්ගේ පාසල් අභ්‍යාස සිදු කරන අතරතුර විදර්ශා රාත්‍රී ආහාරය පිළියෙල කලාය. එයට ටෙහාන්ද ඔහුට හැකි අයුරින් උදව් කලේය. පසුව රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව ඔවුන් ටික වේලාවක් එදින දවසේ විස්තර කතා කරමින් සිටි අතර පසුව ටෙහාන් කාමරයට ගියේ ඔහුට පසු දිනයේ නිම කිරීමට කාර්‍යාලයේ වැඩ කිහිපයක් අවසන් කිරීමට තිබූ නිසාය. ඒ අතරතුර විදර්ශා කුස්සිය සහ නිවස අස්පස් කිරීම සිදුකලාය. එමෙන්ම දරුවන් දෙදෙනාගේ පාසල් වැඩ සඳහාද ඇය උදව් කලාය.

කවීශ පාසල් වැඩ අවසන් කර රාත්‍රී නින්දට පෙර ඔහුගේ පියාගෙන් කතාන්දර ඇසීමට ඉතා ආශාවෙන් සිටින්නේය. ඔහුගේ අත්තම්මා තරම් පියා කතාන්දර නොදන්නා නමුත් ඔහුට අත්තම්මා කියා දී ඇති කතාන්දරද පියා වෙනස් ආකාරයකට කියාදෙන අවස්ථා ඇති නිසා ඔහු ඒ කතාන්දරවල වෙනස් වෙනස් ආකාරයේ හැඩ, වෙනස් වෙනස් ආකාරය භාවයන්, වෙනස් වෙනස් ආකාරයේ රස ස්පර්ශ කරන්නට ආශා කලේය. සමහර වෙලාවන් වලදී මෙනුදිද තාත්තගේ කතාන්දර ඇසීමට එකතුවෙන්නේම ඒවා ඉතාම…”

Exit mobile version