තොවිලය – Aluth Wal Katha

තොවිලය begins with a mysterious and captivating setting that draws you into the heart of Aluth Wal Katha. This story combines the thrill of ancient rituals with modern passion, unfolding a tale filled with suspense, seduction, and hidden secrets.
ගමේ මායිම් ගෙදර ජීවත් වූ සුදු නෝනාට යකෙක් වැසී ඇති බව ටවුමේ කතා වූ බව කීවේ ටවුමේ සිට ආ විජේය. සති අන්තයේ කොලබ සිට පැමින කලුවරේම ලිදට නාන්න ගිය සුදු නෝනා මර හඩ දීගෙන ගෙදරට දුවවිත් තිබූ අතර මල විකාර කියවමින් විටින් විට හූ හඩ දෙමින් සිටිනා බව කීයා තිබුනේ තැබිලි කඩන සුවාරිස් ය. තමා අතුරේ යන ගමන් හූ සද්දය ඇසී තමා පහල බැලූ බවත් නිරුවත් සුදු කෙල්ලක් ඌ තියාගෙන දුවනු දුටු බවත් එය දැක තමා අතුරෙන් නොවැටී බේරූනේ පූරුවේ පිනකට බවත් ඔහු පවසා තිබුනේය. කෙසේ වෙත්ත සුදු නෝනා සිකුරාදා රෑට කොලබ සිට රාත්‍රියේ පැමිනෙන හැටි දුටුවානම් යක්කු උනත් බය වෙන බව කීවේ චුට්ටේය.
කෙසේ වෙතත් දිනකට පමන පසු සුදු නෝනාට යක්ශාවේශයෙන් සාස්තර කීමේ හැකියාවක් පැමින ඇති බව ගම පුරා පැතිර ගියේය. ජේන් නැන්දා තම මගුල් මුද්ද නැති වී ඇති බව සුදු නෝනාගේ අම්මා සමගින් කියමින් සිටින විටකදී එතනට හූ හඩ තියමින් පැමිනි සුදු නෝනා “ගිහින් කන්නාඩියෙන් මූන බලාපිය” යැයි ජේන් නැන්දාට කෑ ගසා පවසා තිබුනේ ස්බාවයෙන්ම ජේන් නැන්දාගෙ මූන දුටු විට බල්ලොද බත් කන්නේ නැති නිසායැයි කීවේ කරුනාවතීය. කෙසේ වෙතත් ගෙදර කන්නාඩියේ උඩ දාරයේ තිබී මගුල් මුද්ද හම්බවී තිබුනු අතර ජේන් නැන්දා පැමින සුදු නෝනාට වැද වැටී මීට පෙර තමා සුදු නෝනාට පැන්නවූ හූනියන් දෙකකට, හෙන ඉල්ලා ගැසූ පොල් පහකට හා ගැසූ කැලැ පත්තර තුනකට සමාව ගෙන තිබුනේය. කෙසේ වෙතත් සුදු නෝනාගෙන් සාස්තර ඇසීමට සුදු නෝනාගේ ගෙදර සිට දිගු පෝලිමක් ඇති වී තිබුනේ අහල පහල ගම් වලින්ද උන් පැමින තිබු නිසාය.
සුදු නෝනාලාගේ ගෙවල් පාර මීට වසරකට පෙර පැමිනි කානිවල් එකේ උත්සවශ්රීය ගැනීමට ගියේ පැය දොලහකටත් අඩු කාලයකිය. අයිස්ක්‍රීම් වෑන්, තොරොම්බල්, බෙලිමල් ඇතුලු ගමේ සියාතුගේ කඩේ ශාකාවක් හා සුදුනෝනාට වැසී සිටින යක්ශයාට වැද වැටීමට මල් හදුන්කූරු විකුනන තට්ටුවේ චිකන් පාලිතගේ කසිප්පු තිප්පොලේ සැශේ පැකට් විකුනන ලොකයාගෙන් සැගවුන කුටියක්ද වූවේය. අඹු සැමියන්ගේ අයතා සම්බන්දතා, නැතිවූ දේපල, හදි හූනියම් ඇතුලු මෙකි නොකී සියලු දේ එකම වහලක් යටින් කරගැනීමට නන් දෙසින් පැමින සිටි උන් දිවා රෑ නොබලා පොලිමේ ලැග සිටිනු දක්කනට ලැබුනේය. එන චන්දයේ ප්‍රතිපල දැන් සිටම දැන ගැනීමට මැම්බර් මහත්තයා පැමින තිබූ අතර ගමට කල සේවය අගයා යක්ශාවේසයෙන් සිටි සුදු නෝනා කල කතාව අවසානයේ සුදුනෝනලගේ ගේ පාර කාපට් කිරීම ඇරබුනු අතර ගෙදර පින්තාරු කීරීම ගේ වටේ තාප්පය බැදීමද ආරම්බ වුයේ එම පින් මහිමයෙන් පලාත්සභාව කෙසේ වෙතත් වසරක් ඇතුලට පාර්ලිමේන්තු ඇමති කමක් ලබෙනව බවට සුදු නෝනා හු තියමින් කියා තිබු නිසාය.
කෙසේ වෙතත් සාස්තර කීමේ මහා කාර්යභාරය අල වන්නට පටන් ගත්තේ සුදු නෝනා යක්ශාවේශයෙන් මලවිකාර කීමට පටන්ගත් විටය. සෝමා නැන්දා හා සියාතු අතර අයතා සම්බන්දයක් ඇති බව කී සුදු නෝනා මාග්‍රට් නැන්දාගේ ලමයින් පහෙන් දෙකක් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ යැයි කීවේ ලොකු හාමුදුරුවෝ පිරිත් ටිකක් කීමට සුදු නෝනලාගේ ගෙදර පැමිනි වෙලේය. චුට්ටේ මවි කිරි බීමටත් පෙර ගංජා ගසා ඇති බව මහා හයියෙන් චුට්ටෙගේ අම්මා ඉදිරියේ පවසා තිබූ අතර සිකරට් එකක්වත් බී නැති තමාට ගෙදර යන්තුරු අම්මා පොල්පිත්තකින් ගැසූ බව මට කීවේ චුට්ටේය. ලගදී ලිදට වැටීමිය ගිය ගමේ පිස්සෙකු වූ සියදෝරි ලිදට තල්ලු කලේ විජේ යැයි පැවසූ අතර විජේ පොලීසියට කුදලාගෙන යාම නැවතුනේ ග්‍රාම සේවක මාමගේ මැදිහත් වීම නිසාය. දකින දකින එකාට ඔලුව කොලොප්පම් වී යන සාස්තර කීම නිසා සුදු නෝනාගෙ ගෙවල් පාරින් ගමන් යාම සියලූ දෙනා නැවැත්තුවේ මොනයම් මොහොතක මොන හෙනගෙඩියක් පාත් වේ දැයි නොදන්නා නිසාය. කෙසේ වෙතත් මෙයට තොවිලයක් නටමු යැයි ගමේ පන්සලේ කපුවාය. සුදුනෝනාගේ සාස්තර නිසා කෙලවී සිටි ගමේ සියලු දේනාම එක පයින් එකට කැමති වූවේය.
තොවිලයක් මට මතක ඇති දාක අපේ ගමේ පවත්වා නොතිබුනේය. වරක් අපේ සීයා නිරුවතින් නානු දැක ගමේ කෙල්ලක් බිය වී තොවිලයක් පවත්වා තිබු බව මට කිවේ ආච්චිය. බිල්ලට දෙන කුකුලා චිකන් පාලිත බාරගත් අතර කෑම බීම ගමේ වුන් බෙදා ගත්තෝය. තොවිල්පල සැරසීම ගමේ කොල්ලන් අතින් සිදූ විය. රත්‍රී හතට පම්න ගමේ සියලු දෙනා ක්‍රීඩා පිටියට පැමින තිබූ අතර කපුවා දන්න බෙර කන්ඩායමක් පැමින තිබුනේය. ලොකු හමුදුරුවන්ට අසුනක් පනවා තිබූ අතර සියලු දෙනාම සුදු නෝනාගෙ යකා පැන දුවන අයුරු බැලීමට දෑස් අයා නොඉවසිල්ලෙන් බලා සිටියෝය. යක් බෙර නාදය පටන් ගත් අතර තොවිල් මන්ඩපයට වැනිවැනි ආ කපුවා තුන්පාරක් බිම ඇද වැටුනේය. ඒ දෙස බලා සිටි ගමේ උන් යකා කපුවාටවඩා බලවත් නිසා කපුවා ඇද වැටෙන බව කසු කුසු ගෑ අතර කපුවා කරටි කැඩෙන්න චිකන් පාලිතගේ අලුත්ම කසිප්පු විශේශයෙන් සප්පායම් වී සිටි බව මගේ කනට කර කීවේ කිවේ විජේය. ගෙමේ උන්කියනා විදිහට බෙර කාරයෝද යකාගෙන් දරැනු ලෙස බැට කා සිටි ස්වරූපයක් පෙන්නූ අතර එක එක පද එක එක රිද්මයෙන් ගසා බෙරද පැලීගියේය. සුදු රෙද්දකින් වසා සුදු නෝනා ගෙන ආවේ ඒ අතරය. අජිත් මුතුකුමාරනගේ සුදු අරලියා මල ගීතයෙන් පටන හෙන ‘සුදු’ කෑල්ල ඇති සින්දු කීපයක් කපුවා ගැයූ අතර සුදු නෝන ඇර ගමේ සීට් ගෑනුන් බොහෝමයක් ආවේස වී නටන්නට පටන් ගත්තේය.
තොවිලය ගිය අලුත් අවුරුද්දේ ටවුමේ තිබූ සහරා ෆ්ලෑෂ් සංගීත සන්දර්ශනයේ ස්වරූපය ගත් අතර විවිද ගීත රේඩියෝ චැනල් වල මෙන් ඉල්ලීමට ගමේ කෙල්ලෝ පටන් ගත්හ. කපුවාට නැටීමට ඉඩ නැතිවන තරමට ගමේ උන් තොවිල් පලට පැන නටන්නට පටන් ගත්තේ චිකන් පාලිත විසින් සත් සිතින් අනුග්‍රහය දක්වා බෙදා තිබූ අධි සාන්ද්‍ර සැශේ පැකට් ටිකට පිං සිද්දවෙන්නටය.
තොවිලය උපරිම අවස්තාවේ කුකුලා බිල්ලට දීමට සැරසුනු අතර වෙරි මරගාතේ කුකුලා පැන දිව්වේය. පොර සමන්තගේ කුකුල් කොටුවේ සිටි පොර කුකුලෙකු පාලිතගේ ගෝලයෙක් හොරකන් කොට ගෙනවිත් තිබූ අතර කුකුලා හැල්මේ දිවගියේ සමන්ත ගාවටය. කුකුලා පස්සෙන් කපුවා ගිය අතර පය පැටලී සරම ගැලවී ගියේය. දෙබරෙට බෝම්බයක් ගැසුවා මෙන තොවිල් පල ඒකා ලෝක වී විසිරී ගිය අතර ගෑනුන් කිහිප දෙනක් සිහි නැති වී වැටුනේය. සරමේ පැටලුන කුකුලා සරම ඇදන් දිවූ අතර නිරුවත් කපුවා දැක සුදු නෝනා හූ තියාගෙන ගොස් වැවට පැන්නාය.
වැවෙන් ගොඩ ගත් සුදු නෝනාගේ යකා පැන ගොස් තිබූ අතර සියලු දෙනා තොවිලය සාර්තක වීම ගැන සතුටු වූවේය. කපුවාට යකා මහත්තයා යැයි නමක් පට බැදුනු අතර කපුවාගේ යකා දැක සුදු නෝනාගේ යකා පෑල දොරින් පැනගිය බවට රාවයක් පැතිර තිබුන්නේය. කපුවාගේ රෙද්ද පැටලා ගත් කුකුලා කැලේට දිව් අතර තම ගංජා හේන උඩින් මහා රෑ සුදු රෙද්දක් පියබා යනු දුටු ගංජා සුසන්ත එතනම සිහි නැති වී වැටී තිබූනේය. වෙලාවට තොවිලයක් කිරීමට පෙර සුසන්ත පියවි සිහියට පැමිනියේය. බෙර කන්ඩායමට ගමේ ඊලග අලුත් අවුරුදු උලෙල සංගීතවත් කිරීමට ආරාදනා ලැබුනු අතර් ගමේ සියලු දෙනා සතුටින් විසිර ගියෝය.
කෙසේ වෙතත් මාගෙද සිහින කුමාරියක් වූ සුදු නෝනාට හොද වූ අතර මෙවන් කරදර ඇති නොවී සුදු නෝන හොදින් ඉදීවා යන්න මගේ පැතුමයි.
Stay connected with the world of Wela Katha Lokaya, where every story brings something new, thrilling, and unforgettable.